රනිල් ගාන්ධි හමුවෙයි

Share

ඉන්දීයාවේ නිල සංචාරක නිරත  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි මහතා ඇතුළු කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවැති එම සාකච්ඡාව සදහා කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඉන්දියන් සාගරයේ නිදහස් නාවික ගමනා ගමනය තහවුරු කරලීම සදහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩපිළිවෙල පිළිබඳව අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්ය.

Read more

Local News