අදත් පළාත් කිහිපයකට තද වැසි

Share

දිවයින පුරා, දැනට පවතින වැසි තත්වය අද දිනයේදීත් (21 දින) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවද, ඇතැම් ස්ථානවලට (විශේෂයෙන් උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල) මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News