ACCය ලංකාව හැර යයි

Share

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට තිරණය කර අැත.

ආසියානු රටවල් විසිපහක පරිපාලන කටයුතු සිදු කරන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධාන කාර්යාලය මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළද මෙම කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.

2016 වසරේ අගෝස්තු මස 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන කාර්යාලය ස්ථිර පදනමක් යටතේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ අතර, එසේ ස්ථාපිත කිරීමේදී එක් කොන්දේසියක් වූයේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය සඳහා විදෙස් මුදල් ලැබීමේදී එම මුදල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් බදු පැනවීමක් නොකරන බවයි.

එසේ ලැබෙන මුදල් සඳහා ශ්‍රී ලංකාව තුළදී බදු සහනයක් තවමත් ක්‍රියාත්මත නොවීම තුළ මෙම ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට එහි පරිපාලනය තීරණය කර තිබේ.

ඒ අනුව තවත් සති දෙකකින් පමණ පසුව ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන කාර්යාලය ඉවත් කර එම කාර්යාලය ඩුබායි නගරයේ ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව වත්මන් අයි.සී.සී සභාපතිවරයා ලෙස කටයුතු කරන පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේද සභාපති ඒෂාන් මානි මහතා යටතේ ඉදිරි කටයුතු සිදුවීමට නියමිත අතර අයි.සී.සී. ප්‍රධාන කාර්යාලයද පිහිටුවා ඇති ඩුබායි රාජ්‍යයේ ඒ.සී.සී. ප්‍රධාන කාර්යාලයද ස්ථාපිත කරන්නේ ශ්‍රී ලංකාවෙන් නොලැබුණු සියලුම බදු සහන ඩුබායි රාජ්‍යයෙන් ලැබෙන නිසා බවද වාර්තාවේ.

 

Read more

Local News