විග්නේෂ්වරන්ගේ අරමුණ ගැන ෆොන්සේකා කතා කරයි

Share

ජාතිවාදය ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා නව පක්ෂය නිර්මාණය කර ඇති බව ප්‍රාදේශිය සංවර්ධන, තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෑලියගොඩ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් පලකරමින්ය.

ඉදිරි ජනාධිපතිවරණ සඳහා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා විය යුත්තේ පක්ෂ නායකවරයා බවත් එසේ නොමැතිනම් ඔහු විසින් අපේක්ෂකයා තීරණය කළ යුතු අතර පොහොට්ටුවේ සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට තමා ගරු කරන අතර ඔවුන් එම පක්ෂයෙන් ඉවත්ව තම පක්ෂයට පැමිණියහොත් ඉතාම ගරු සරු ඇතිව පිළිගන්නා බවත් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බවත් ඒ සඳහා තමන් කිසිසේත් එකඟ නොවන බව ෆොන්සේකා මහතා පැවසීය.

එසේම මර්වින් සිල්වා ඇමතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට ඡන්ද 3ක් වත් ලබා ගත නොහැකි බවට තමන් අභියෝග කරන බවට ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News