ජනපතිට කෙළෙහිගුණ නෑ හරින් කියයි

Share

”හදවතින්ම කතා කරන්න ඕන අපි දේශපාලන තත්ත්වය ගැන. පොදු අපේක්ෂකයා මේ තැනට ගේන්න අපි ගොඩාක් කැපවිම් කලා. සති 50ක ජනපති සිහිනයක් දකින ජනපතිවරයෙක් ඉන්නේ. බළලා මල්ලෙන් එළියට පනිනවා වගේ. තමන් මිනිමරුවා හොරා දුෂිතයා එක්ක ලගින්න එතුමා සුදානම්. අපි නම් අාප්පේ කෑවේ නෑ .එතුමා කාලා ගියා. මට ලොකු කළකිරිමක් අැති වුණා ලංකාවේ දේශපාලනේ පහතට වැටුණ එක ගැන.  සිරිසේන ජනපතිට රට ගැන නෙවෙයි අරමුණ තිබුනේ තමන්ගේ බලය තියාගන්න පුලුවන් කාත් එක්කද කියලා කියන එකයි ජනපතිට ඕන වුනේ. හදවතින්ම සමාව ඉල්ලන්න වෙනවා අපේ පාක්ෂිකයන්ගෙන් අවුරුදු 3ක් කෙනෙහෙලිකම් වුනා. මෙෙත්‍රි ජනපතිට කෙලෙහිගුණ මතක නෑ. මේ අවුරුදු තුන හමාරේ අපි අපිට වුන අඩුපාඩු කිව්වේ නෑ. රට ඉතාම අස්ථාවර වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කොහොමහරි ගේමක් ගහලා මෙෙත්‍රි මහත්තයාව කඩේ යවාව්. අපි විශාල අරගලයක් කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි එජාප මාධ්‍ය ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබිය.

ඒ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදිය.

Read more

Local News