එකම අරමුණක සිට ඩෙංගු ජයගත හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Share

සියලු දෙනා පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරමින් ඩෙංගු අධි වසංගත තත්ත්වය මගහරවාගෙන ඇති බවත් ඒ අයුරින් ඉදිරි වසර ක පමණක් කාලයක් තුළ ද කටයුතු කළ හොත් ඩෙංගු රෝගය තුරන් කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පෙන්වාදෙයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පෙන්වාදුන්නේ අද (09) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි. මෙම සම්මන්ත්‍රණය සියදිවි හානිකරගැනීම වැළැක්වීම පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවැත්විණි.

පසුගිය ජුලි 04දා මධ්‍යම රාත්‍රිය වන විට රෝහල් තුළ ඩෙංගු රෝගීන් 5000ක් වාර්තා වෙමින් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇති වූ බවත් එය මේ වන විට 2000ක් පමණ දක්වා අඩු ව ඇතැයි ද ඒ සඳහා සියලු මාධ්‍ය හරහා සිදු කළ කාර්යභාරය පිටුවහලක් වූ බවත් පෙන්වා දෙන ජයසුන්දර බණ්ඩාර මහතා එසේ කටයුතු නොකළේ නම් තවමත් එකිනෙකාට ඇඟිල්ල දිගු කරගනිමින් කල් ගත කරන බවත් පෙන්වා දුනි.

සියදිවි හානිකරගැනීම් තුළින් දිනකට පුද්ගලයින් 11දෙනෙකු පමණ මරණයට පත්වුවත් ඒ සඳහා හේතු වන කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බවත් රිය අනතුරු හේතුවෙන් හෝ ඒ තරම් ප්‍රමාණයක් මියනොයන බවත් පෙන්වා දෙයි.

මාධ්‍ය හරහා සමාජයට අයහපත් දේවල් උලුප්පා පෙන්වීමට මෙන් ම ඒවාට වැඩි වටිනාකමක් ලබාදෙමින් කටයුතු කරන බවත් කී බණ්ඩාර මහතා සියදිවි හානිකරගැනීම සම්බන්ධයෙන් සමස්ත සමාජයේ ම අවධානය යොමු විය යුතු යැයි ද කීය.

Read more

Local News