අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක්

Share

දේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද(01) පෙරවරුවේ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය අමාත්‍යධූරයෙහි වැඩ බාරගනු ලැබීය.

වඩා වැදගත් වන්නේ අප කිසිවෙක් දරන තනතුරු නොව අප සතු ඉලක්කයන් සහ ඒවා සාක්ෂාත් කරගන්නට අපට ඇති හැකියාව බවත්, තොරතුරු ගබඩා කරමින් දැනුම දියුණු කරන්නන් වෙනුවට අධ්‍යාපනය කේන්ද්‍රගත විය යුත්තේ ප්‍රඥාව දියුණු කළ හැකි ක්‍රමයකට බවත්, ලෝකයේ දියුණු රටවල් මේ වනවිටත් ඒ ක්‍රමයට අනුගත ව සිටින බවත්, අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ද එවන් වෙනසකට ලක් කිරීම අත්‍යවශ්‍ය බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම සම්බන්ධ ව දෙමව්පියන් ඇතුළු සමස්ත සමාජය වෙහෙසෙන ස්වභාවය ගැටළුකාරී බව ද, විශේෂයෙන් ම මෙරට අධ්‍යාපනඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ගුරුවරුන් ඇතුළු සියලු දෙනාගේ අවධානය යොමු කළ යුතුව පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

Read more

Local News