මගේ ඉලක්කය මැතිවරණයකට යාම අගමැති කියයි

Share

නව රජයේ අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වුවත් නැතත් මැතිවරණයකට ගමන් කිරීම තමාගේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමටත්, මැතිවරණය ජයග්‍රහණය කිරීමටත් තමන් සූදානමින් සිටින බවද අගමැතිවරයා වැඩ්දුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී අද (01) පැවැත්වූ සාකච්ඡාවකදිය.

එහිදි වැඩ් දුරටත් අදහස් දැක්වු අගමැතිවරයා පැවසුවේ  මාස හයකින් සියල්ල වෙනස් කිරීමට තමන් මැජික්කරුවෙකු නොවන අතර එම කාලය තුළදී විශාල බලාපොරොත්තු ඇතිකර නොගන්නා ලෙසත් ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවුවද ලොකු ප්‍රශ්නයක් ඇති නොවන බවත්ය.

Read more

Local News