රනිල් අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණයක් ගැන අජිත් කියයි

Share

නොවැමිබර් 5 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කිරීම එක්සත් ජාතික පක්ෂය ලබාගත් ජයග්‍රහණයක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කොල්ලුපිටිය පොලීස් ස්ථානාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වු හේමසිරි ප්‍රනාන්දු මහතා මේ මොහොතේදීත් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් කරමින් සිටින බව ද මෙහිදී ඒ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින හිතවාදීන්ට බලය පාවිච්චි කරමින් මෙය සිදු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News