අද රාත්‍රියේ අඩු පීඩන තත්ත්වයක් – ධීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් වන්න

Share

දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (05) රාත්‍රියේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එය හෙට(06) සිට 08 දක්වා බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින හරහා මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාවක් පවතී.

මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නැගෙනහිර, උතුරු-මැද, උතුරු, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ සිට ඇතිවිය හැකි අතර දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමු කරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනුන බවද එම නිවේදනයේ සඳහන් වේ.

Read more

Local News