ජනපතිගේ දීපවාලී පණිවිඩය

Share

දීපවාලි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ අධ්‍යාත්මික ශික්ෂණය ප්‍රඥාව බදු ගුණාංග මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාවේ අන්ධකාරය පහවිය යුතු බවයි. එකී අරමුණ සාක්ෂාත් කරගනු වස් ලෝකවාසි හින්දු බැතිමතුන් පහන් දල්වා සමරන දීපවාලි උළෙල වෙනුවෙන් සුභපැතුම් එක් කිරිමට ලත් අවස්ථාව පිළිබද බෙහෙවින් සතුටුවන බවයි.

පහණින් නැගෙන ආලෝකයෙන් අයහපත නැමති අඳුර දුරු වී යහපත නමැති ආලෝකය පැතිරෙන්නා සේ ස්වකීය ජීවිතය ද ආලෝකමත් වේවා යන්න දීපාවලියේ අරුත බව ජනාධිපතිවරයා පවසයි.

දශක කිහිපයක් තිස්සේ විරසකයන් විසින් හුදකලා කරනු ලැබු අනේකවිද දුක් වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා අන්‍යොන්ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපවාලි උළෙල මනා පිටිවහලක් වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

Read more

Local News