පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාවට නිවේදනයක්

Share

වත්මන ශ්‍රී ලංකාවේ උද්ගතවි තිබෙන දේශපාලන ව්‍යාකූල බවින් මිදිම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැදවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා අැති අතර එහි වැඩ්දුරටත් දැක්වෙන්නේ ලංකාවේ අැති වි තිබෙන අර්බුදකාරි තත්ත්වය සමනය කිරිමට නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තුව කැඳවීමට ලංකා ජනපති ගත් තීරණය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරියගේ අවධානයට යොමුව ඇති බවයි.

එසේම ශ්‍රී ලංකාවේ නීතියත්, ව්‍යවස්ථාවත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ අතරත් ජනතාව අතරත් පුළුල් සාකච්ඡාවක් සඳහා උනන්දු කරන බවත්

ලංකා රජයට හා ජනතාවට සහායක් අවශ්‍ය නම් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවත් සමග එක්ව සහාය දක්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

 

 

 

Read more

Local News