සමනලයා අහිංසකයි මහින්ද කියයි

Share

පසුගිය 05 වැනි දින පැවති ජන මහිමය රැලිය අමතමින් ජනාධිපතිවරයා විසින් පැවසු ”රජයේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමනල රෑනක්” යන ප්‍රකාශය කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගනිමින් සිදුකළ ප්‍රකාශයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (07) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදිය.

අමාත්‍යවරයා වැඩ්දුරටත් අදහස් දක්වමින් පැවසුවේ “ජනාධිපතිතුමා දේශපාලන රැස්වීමේදී ඒ කරපු ප්‍රකාශට කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගෙන පදනම් කරගෙන කරපු දෙයක් නෙවෙයි කියලා මම පැහැදිලිවම කියන්න ඕන. ඒ ප්‍රකාශයට නොයෙකුත් අය නොයෙකුත් අර්ථකථන දෙන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් ජනාධිපතිතුමා එවැනි අදහසත් පදනම් කරගෙන නෙවෙයි ඒ ප්‍රකාශය කළේ.

රාජිත සේනාරත්න ඇමතිතුමාත් මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වා එයා ගැනයි ඒ කිව්වේ කියලා. හිටපු අගමැතිතුමා වටේ පිරිසක් හිටියා. ඒවගේ පිරිස එක එක තැන්වලට ගිහිල්ලා අනවශ්‍ය ලෙස ඇඟිලි ගහලා එතුමාගේ පාර්ශ්වයෙන් අවුල්කළා කියන එකයි ඒ කිව්වේ. මෙතන ලිංගික කොටසක් පදනම් කරගෙන ජනාධිපතිතුමා අදහස් ප්‍රකාශ කිරීමක් නෙවෙයි සිදුකළේ.” බවයි.

Read more

Local News