මස් කඩේ ශිතකරණෙන් වල්ඌරු මස් මතුවෙයි

Share

නුවරඑලිය නගරයේ මස් මාංශ අලෙවි කරන වෙළදසැලක අලෙවි කිරිමට සුදානම් කර තිබු වල් ඌරු මස් 83kg ක් සමඟ සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ අඩවි සහකාර ජි.ආර්.රත්නායක මහකා පැවසිය.

නුවරඑලිය නගරයේ වල් ඌරු මස් ඉතා සුක්ෂම ලෙස අධික මිලකට අලෙවි කරන බවට ලද තොරතුරක් මත නුවරඑලිය හග්ගල අඩවි කාර්යාලයේ නිලධාරින් හා රේල්වෙස් ලැන්ඩ් ජාතික උද්‍යාන කාර්යාලය එක්ව අද(07) පස්වරුවේ සිදු කළ හදිසි වැටලිමකදි වෙළදසැලක අධි ශිතකරණයක ගබඩා කර තිබියදි මෙම මස් කොගය සොයාගෙන ඇත.

නුවරඑලිය ප්‍රදේශයේ දඩයම්කරුවන් විසින් දඩයම් කරන ලද වල්ඌරන් මෙම ව්‍යාපාරිකයා විසින් මිල දි ගෙන අධික මිලකට අලෙවි කරන බවයි වනජිවි නිලධාරින් කරන ලද මුලික පරික්ෂණ වලිදි අනාවරණය වි ඇත්තේ.

වල් ඌරු මස් තොගය සමඟ සැකකරු සහ අධි ශිතකරණයද වනජිවි කාර්යාලයේ නිලධාරින් භාරයට ගෙන ඇති අතර නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

Read more

Local News