ඇවන්ගාඩ් සභාපතිගේ නඩුව කල්යයි

Share

රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද(09) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුන අතර එහිදී රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ බැංකු නිලධාරියකුගෙන් සාක්ෂි සටහන් කරගැනීමද සිදුවිය. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 21 වනදාට කල් තැබුණි.

ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කර දීමට එම සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාගෙන් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාම ලත් යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවෙන් එක්චෝදනාවක් ගොනු කර තිබේ.

පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලස් ලබාදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බව සඳහන් කරමින් මෙම නඩුවෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව අල්ලස් කොමිසමට තවත් චෝදනාවක් ද එල්ල කර තිබේ.

Read more

Local News