මෝදර රථවාහන ගමනා ගමනය සීමා කෙරේ

Share

මෝදර අළුත් මාවත, මාදම්පිටිය පාර හංදිය සිට පඤ්ඤානන්ද මාවත දක්වා රථවාහන ගමනා ගමනය සීමා කර ඇති බව පොලීසිය පවසයි. එ් ජලනල එලිමේ ව්‍යාපෘතියක් හේතුවෙනි.

ඒ අනුව අද(09) රාත්‍රී 10 සිට 2018 නොවැම්බර් මස 12 වන දා උදෑසන 5 දක්වා කාලය තුළ මෙම මාර්ගයේ තාවකාලිකව වසා දැමෙයි.

ඒ අනුව කොළඹින් පිටවන රථවාහන මාදම්පිටිය මාර්ගයෙන් මෝදර වීදිය හරහා අළුත් මාවතට පිවිසිය හැකි අතර, කොළඹට ඇතුළුවන රථවාහන පඤ්ඤානන්ද මාර්ගය ඔස්සේ මාදම්පිටිය මාර්ගයට පිවිස අළුත් මාවත ගමන් කළ හැක.

Read more

Local News