පක්ෂ කිහිපයක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

55

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ කිහිපයක් අද(12) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කිරීමට පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ද මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොණු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙලෙස පෙත්සමක් ගොණු කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා සඳහන් කළේය.