ජනපති නියෝගය අනුව හෙට පාර්ලිමේන්තුව රැස් වන බව රනිල් කියයි

Share

හෙට(14) පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ කථානායකවරයා නොව ජනාධිපතිවරයා බවත් ජනාධිපතිවරයාගේ නියෝග මත හෙට දිනයේ දී පාර්මේන්තුව රැස්වී එහිදී අවශ්‍ය තීන්දු ලබා ගැනීමට බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවැසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ වික්‍රමසිංහ මහතා කියා සිටියේ

අද දිනයේ දී ජනතා පරමාධිපත්‍යයට ජයග්‍රහණයක් හිමිවු බව යි. එමෙන්ම මෙම තීන්දුව ලබා දීම තුළින් දේශපාලන සීලාචාරත්වය පියවරක් ඉදිරියට ගිය බව ද හෙතෙම සඳහාන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ දී ගත් තීන්දුව අගය කරන බව පැවැසූ රනිල් වික්‍රමසිංහ මහතා
ව්‍යවස්ථාව ඉරා දැමීමට ගිය අවස්ථාවක අධිකරණය විසින් රටේ ව්‍යවස්ථාවට පයින් ගසා ඉදිරියට යෑමට නොහැකි බව පෙන්වා දී තිබෙන බවද පැවැසීය.

ඉදිරියේ දී මේ ගැන කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව අධිකරණය තුළ හිමි වී ඇති බැවින් ඒ අනුව කටයුතු කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බව ද පැවැසූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බලය හා ගෞරවය රැකීම සම්බන්ධයෙන් කථානායකවරයා ස්තූතිය පළ කළේය.

මෙය ජයග්‍රහණයක් පමණක් වන බවත් කෙසේ හෝ සටන දිනා ගත යුතු බව ද කියා සිටි හෙතෙම එය පාර්ලිමේන්තුවේ තියෙන බහුතරය තුළින් පෙන්වන බව ද පැවසීය.

Read more

Local News