වෙච්ච දේ ගැන මනූෂ සතුටෙන්

Share

තමන් අමාත්‍යධූරය අතහැරියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය වෙනුවෙන් බවත් ඒ මඟ යෑමට තවත් ශ්‍රීලනීප මැති ඇමතිවරු පිරිසක් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ අද (14) පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ,

විපක්ෂයේ අසුන් ගැනීමට තමන්ට හැකි වූයේ, ආණ්ඩුවෙන් හා ඇමතිකමෙන් ඉවත්වීම නිසා බවත් ඔහු ඒ සම්බන්ධයෙන් සතුටු වන බවයි.

එදා තමන් ගත් තීන්දුවත් සමඟ 113 සෑදීමට නොහැකි වන විට පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කළ බවත් පාර්ලිමේන්තුව විසුරුවා තිබියදීත් නැවත ඇමතිකම්වල දිවුරුම් දෙමින් ඉතාමත් නිර්ලජ්ජිත දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු ප්‍රතික්ෂේප කළේ මෙම සිද්ධින් වන බවත් මේවා සදාචාරාත්මක විරෝධී දේවල් වන බවත් මේවා රටක සිදු නොවිය යුතු දේවල් වන බවත් ඔහු සඳහන් කළේය.

ලොව කිසිදු රටක මෙම අලුත් ආණ්ඩුව පිළිගත් නොමැති බවත් කථානායකවරයා පාර්ලිමේන්තුවේ බහුතරය අයිති කණ්ඩායමට කියන කාරණාවේ සිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read more

Local News