ලෝකාන්තය නැරඹුම් ස්ථානයට පහළින් ආරක්ෂිත දැලක්

Share

ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහලින් හඳුනාගත් අවධානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ භාරකරු පවසයි.

පසුගියදා ජර්මන් ජාතික කාන්තාවක් ලෝකාන්තය අසලදී ඡායාරූපයක් ගැනීමට යාමේදී ඇද වැටීමෙන් මරණයට පත්විය.

එම සිද්ධියත් සමඟ ලෝකාන්තය නැරඹීමට එන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ මධ්‍යම පළාත් වනජීවී අධ්‍යක්ෂවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර සඳහන් කළේ.

ලෝකාන්තය නැරඹීමට වසරකට දේශීය විදේශීය සංචාරකයන් ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන අතර ඔවුන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කරන අවස්ථාවේදීම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසට දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු කියා සිටියේය.

Read more

Local News