කරූ මිනීමැරුමකට අනුබල දුන්නා – ෂෙහාන් සේමසිංහ

Share

කථානායක කරූ ජයසූරිය මහතා මනුෂ්‍ය ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන්,  ඊට එරෙහිව චෝදනා ගොනු කර පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසිය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා ඔහුගේ ජංගම දුරකථනයේ තිබු විඩියෝ පටයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අතර එහි සඳහන් වුයේ පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වු කළහාකාරි තත්ත්වය හමුවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සහ කථානායක කරු ජයසූරිය මහතා අතර ඇති වු සංවාදයකි.

Read more

Local News