කථානායක පාර්ලිමේන්තු ඉතිහාසයට එක්වන බව මහින්ද කියයි

Share

කරූ ජයසුරිය මහතා කථානායක වශයෙන් වඩාත් මධ්‍යස්ථව කටයුතුකළ යුතුව ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

අද වන විට අවසන් ක්‍රිකට් තරගය නරඹන ප්‍රේක්ෂකයන් ලෙස ජනතාව පාර්ලිමේන්තුවේ සිදුවන සිදුවීම් නැරඹීමට පෙළඹී තිබෙන බවත් පාර්ලිමේන්තුව ආරම්භයේ සිට අවසානය තෙක් පහර දෙන අය දැවී යන අය පිළිබඳ කුතුහලයෙන් ජනතාව එය නැරඹීමට පුරුදුව සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කීර්ති නාමයට හානි කර ගත් එකම කථානායකවරයා කරූ ජයසුරිය මහතා වන බව ද පැවසු මහින්ද අමරවීර මහතා, පාර්ලිමේන්තුව තුළ ඇති වු සියලු නොසන්සුන්කාරී තත්ත්වයන්ට කථානායකවරයා වගකිව යුතු බව ද පැවසීය.

අමාත්‍යවරයා  වැඩ්දුරටත් පැවසුවේ අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොව කථානායකවරයාට සංසුන්ව හැසිරෙන ලෙස පැවසිය යුතු බවයි.

Read more

Local News