පුරන් වු කුඹුරු ආශ්‍රිතව මී උණ බෝ වීමේ ප්‍රවණතාවක්

Share

පැවති වියළි කාළගුණ තත්වය හේතුවෙන් පුරන් වු කුඹුරු ආශ්‍රිතව මී උණ බෝ වීමේ ප්‍රවණතාවක් ඇති බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

පුරන් කූඹුරුවල නැවත වගා කටයුතු ආරම්භ කිරීමට පෙර ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්ද උතුරු මැද පළාත තුළ ක්‍රියාත්මක කෙරේ.

පුරන් කුඹුරු මීයන්, ඌරන්, නරියන් මෙන්ම විෂඝෝර සතුන්ගෙන්ද නිජ භූමි බවට පත්වේ. එවැනි සතුන්ගේ මළ අපදුව්‍ය කුඹුරු තුළ පැවතීමෙන් ගොවීන් විවිධ රෝගලවලට භාජනය වීමේ අවධානමක් පවති.

පාද ආශ්‍රිත තුවාල පවතීනම් පුරන් කුඹුරු අස්වැද්දීමට මඩ සහිත කුඹුරුවලට යාමේදී කල්පනාකාරී විය යුතුය. තමාගේ සෞඛ්‍ය පිළිබදව ගොවීන් දැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

Read more

Local News