TNA තානාපතිවරූ හමුවෙයි

Share

ඊයේ (20) මෙරට මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන්  සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඇතුලූ රටවල් 15ක් නියෝජනය කරන බටහිර රටවල තානාපතිවරුන් සහ එහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් එක්ව තිබේ.

මේ සාකච්ඡාව සදහා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන් සහ සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරුන් ඇතුලූ පිරිසක් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මාධ්‍ය සාකච්ඡාවට එක්ව අැත.

මෙහිදී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දැනුම්වත් කිරීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබෙන බව වාර්තාවේ.

එමෙන්ම රට තුළ පවතින දේශපාලනික අස්ථාවරත්වය හමුවේ විදෙශිය බලපෑම් එල්ල විය හැකි බවත් එය ඉදිරියේදි භයානක ප්‍රථිපල ඇතිකරනු ඇති බව ඔවුන් වැඩ්දුරටත් පැවසීය.

එමෙන්ම මෙම සාකච්ඡාව සදහා යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන මෙරට නියෝජිතයින්ද එක්ව තිබේ.

Read more

Local News