අඩු පීඩනය තවදුරටත් – පළාත් කිහිපයකට තදවැසි

Share

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට උතුරු දෙසින් පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත්වල තැනින් තැන සවස2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100පමණ තරමක තද වැසි ඇති විය හැක.

උතුරු පළාත හරහා හමන පැ.කි.මී. 50 ක පමණ වන තරමක තද සුළං බලාපොරොත්තු විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News