වෙනස සොයා ගිය පිරිසට වෙච්ච දෙයක් ගැන විමල් කියයි

Share

වෙනස සොයා ගිය පිරිසට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදුන් බවත්, නැවතත් භාරකාර ආණ්ඩුව ලෙස ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වා කටයුතු කිරිමට නියම්ත බවත් එ් තුලින් රට ජයග්‍රාහණය කර ගෙනයාමට බලාපොෙරාත්තු වන බවත් නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් නීතීඥ පාලිත ගමගේ මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

“මෙම අමාත්‍යාංශයට 2001 – 2004 පාලන සමය තුළ රිග්‍රේනීන් ශ්‍රී ලංකා (යළි පුබුදමු ශ්‍රී ලංකා) නැමැති වැඩපිළිවෙල යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වසා දැමිය යුතු ආයතන ලැයිස්තුවට ඇතුළත්ව තිබුණා. වසා දැමිය යුතු යැයි තීරණය කර තිබූ රාජ්‍ය ආයතන අතර මේ ආයතනයද නම් කොට තිබුණා. ඒ වකවානුවේ මෙරට දූගී දුප්පත් ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සපූරාලීමට රාජ්‍ය ආයතනයක් තවදුරටත් අවශ්‍ය නොමැති යැයි මතයක සිට මෙම ආයතනය වසා දැමීමට තීරණය කර තිබුණා. අප නායකත්වය ලබා දුන් අවුරුදු තුන හමාරක කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අසීරු තත්ත්වයෙන් මුදවාලමින් ජාතියේ අවධානය දිනාගත් මෙරට දුගී දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කැපවන ආයතනයක් බවට පරිවර්තනය කරන්නට හැකිවුණා.

නමුත් රටේ ජනතාවට එදා වැඩි වෙනසක් අවශ්‍යව තිබූ බැවින් වෙනසක් සොයා ගියා. ඒ වෙනසේ ආදීනව අද බොහෝ දෙනෙකුට මේ වනවිට තේරුම් ගොස් ඇතැයි මා සිතනවා. වෙනස සොයා ගිය පිරිසට දිට්ඨ ධම්ම වේදනීය කර්මය මෙන් වැඩියෙන්ම පීඩාවට පත්ව තිබෙනවා. පසුගිය 26 වනදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පැවැති ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වන්නට තීන්දු කළා. ඒ ඊනියා ජාතික ආණ්ඩුව අභාවයට යාමත් සමඟ අමාත්‍ය මණ්ඩලය ස්භාවිකවම විසුරුවා හැරීමකට ලක්වුණා. නව අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ව පත් කළා.ඉදිරි මහ මැතිවරණයේ භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද, ඉදිරි මහ මැතිවරණයේදී බලය පිහිටුවන්නේද මේ ආණ්ඩුව බව මා අවධාරණයෙන් ප්‍රකාශ කරනවා’’

Read more

Local News