තම පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට නියම්ත බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා පැවසීය.
එ් මහතා මේ බව පැවසුවේ මල්වතු – අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඊයේ (20) දින මල්වතු මහා විහාරය වෙත ගිය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් මල්වතු පාර්ශවයෙන් මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැදැක උද්ගතව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කරනු ලැබිණි.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ බව කියන විශ්වාසභංග යෝජනාව හා මන්ත්‍රි අත්සන් ලේඛනයක්ද මන්ත්‍රිවරුන් එහිදී මහ නා හිමියන් වෙත භාර දෙනු ලැබිය.