නියෝමාල් රංගජීව යළි සේවයට

Share

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (21) දින සිට යළි සේවයේ පිහිටුවා තිබේ.

එ් මහතාගේ සේවා කාලය තුල  2011 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ ඝාතන සිදුවීම්වලට අදාළව පොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රිමාන්ඩ් බන්ධනාගර ගත කරනු ලැබීය.

බන්ධනාගාරගත කිරීමත් සමග රංගජිව මහතාගේ වැඩ තහනමකට ලක්විය.

අනතුරුව ඇප ලබා නිදහස් වූ රංජීව මතතා යළි සේවයේ පිහිටුවන ලෙසට පසුගිය 19 දින පොලිස්පති සහන මැදිරියට අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර එම අභියාචනාව සැළකිල්ලට ගෙන ඊයේ (21) සිට ඔහු යළිත් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට අනුයුක්ත කර තිබේ.

Read more

Local News