පාර්ලිමේන්තුවේ පසුගිය වසර 20ක පමණ කාලයේදී සිදුවී ඇත්තේ තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට හිමිවි තිබිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඩලස් මහතා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙදි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එ් මහතා වැඩ්දුරටත් පැවසුවේ “තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට ලබාදීම කථානායකවරුන්ගේ මූලධර්මයයි. 2004දීත්, 2015 ජනවාරි 9 වැනිදාත් මේ ආකාරයට ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබාදුන්නා.
ඒ අනුව අපේ නියෝජිතයන් හත් දෙනෙක් නම් කර තිබෙනවා. ගරු කථානායකතුමා මේ පාර්ලිමේන්තුව තවදුරටත් විහිලුවට පත්නොකර තමන්ගේ පූර්වගාමීන් දෙදෙනා අනුගමනය කරමින් කටයුතු කරයි කියලා මම හිතනවා” බවයි.