ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගැන රනිල් කතා කරයි

Share

ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් අධිකරණවල නඩු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීම හෝ ඒ පිළිබඳව පූර්ණ නිගමන වලට එළඹිමට අපට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසුවා.

එ් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අමතම්නි.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩ්දුරටත් පැවසුවේ “ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් අධිකරණ හමුවේ ඇති නඩු පිළිබදව අප අදහස් ප්‍රකාශ කළ යුතු නැහැ. ඒවායේ තීන්දු කෙසේදැයි අපට පූර්ව නිගමන වලට එළඹෙන්නටත් බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ තීන්දුව නිසි අවස්ථාවේ ලබා දේවි. ඒ තීන්දුව ලබාදීමට විනිශ්චයකරුවන් තුන් දෙනෙක් යොදවනවාද, පස් දෙනෙක් යොදවනවාද නැත්නම් නව දෙනෙක් යොදවනවාද යන්නත් කිසිවක් අපට කියන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒකමතික තීන්දුවක් වේද, නැතිනම් බෙදුණු තීන්දුවක් වේද යන්නත් අපට කියන්නට බැහැ.

රටේ ඇතිවූ ව්‍යවස්ථානූකූල අර්බුදය පිළිබඳව අප ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සම සම්බන්ධයෙන් අපේ ඉල්ලීමට ඉඩ දෙයි ද, නැතිනම් ප්‍රතික්ෂේප කරයි ද කියා අපිට කිසිවක් කියන්නට බැහැ”.

Read more

Local News