හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා වලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය දින ලබා දි තිබේ.
එ් ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි ලද චෝදනා යටතේය.
එම චෝදනාවට වරදකරු කෙරුණු ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය මඟින් වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කරනු ලැබිණි.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් ඉදිරිපත් කළ අභියාචනා දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අද (26) කැඳවනු ලැබු අතර අභියාචනාධිකරණය ඉදිරිපත් කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ඔවුන්ගේ ලිඛිත දේශන ජනවාරි මස 03 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙසටයි.
නීතිපතිවරයාගේ ලිඛිත දේශන ජනවාරි මස 17 දා ඉදිරිපත් කරන මෙන් ද අභියාචනාධිකරණය නියම කරනු ලැබිය.
එම දඬුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු එම දඬුවම් වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබේ.