O/L උපකාරක පන්ති හෙට සිට තහනම්

Share

හෙට (27) මධ්‍යම රාත්‍රී 12 සිට 2018 අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව, විභාගය අවසන් වන දෙසැම්බර් මස 12 දිනය දක්වා සම්පූර්ණ කාලය තුළ සියලු උපකාරක පන්ති තහනම් කර තිබෙන බවට නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව සියලු විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් කර අැත.

යම් අයෙක් හෝ ආයතනයක් වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසලකා ක්‍රියා කරයි නම්, ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය වැරදිකරුවෙකු වන අතර 2013.06.21 වන  දින නිකුත් කරන ලද අංක 1816 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම නියෝගය යටතේ එය උල්ලංඝනය කරන ඕනෑම අයෙක් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතී.

මෙවැනි විභාග නීති කඩ කිරීමක් සිදු කලහොත් වහාම විභාග දෙපාර්තිමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාවට දැනුම් දෙන ලෙස ද විභාග දෙපාර්තිමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

Read more

Local News