අපරාධ මැඩලන්න ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

Share

රට තුල මේ වන විට සිදුවන අපරාධ, සංවිධානාත්මක අපරාධ සහ එම කණ්ඩායම් මර්දනයට ගෙන ඇති කි‍්‍රයාමාර්ගවල ප‍්‍රගතිය ද විමසා බැලුණු අතර, පාතාලය මර්දනය වෙනුවෙන් දැඩී තීන්දු සමග ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ජනපතිවරයා මේ බව පැවසුවේ අද (26) ශ‍්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමග ජනපති කාර්යාලයේ පැවති හමුවකදීය.

නීති විරෝධි මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මෙතෙක් ගෙන ඇති කි‍්‍රයාමාර්ගවල ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර, පසුගිය මාස තුන තුළ නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත්, අද සිට මාස් පතා එම වාර්තාව තමා වෙත ලැබීමට සළස්වන ලෙසත් ජනාධිපති  පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරින්ගේ ගැටලු පිළිබඳ සොයා බලමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා නව කමිටුවක් පත් කිරීමට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනාධිපති කාර්යාලයේ සාමාජිකයන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද උපදෙස් දෙනු ලැබීය.

Read more

Local News