මගේ ක්‍රියාකලාපයේ අඩුපාඩු අැත්නම් විශ්වාසභංගයක් ගේන්න – කරූ

Share

කථානායකවරයා ලෙස තමන්ගේ මතයට ගරු නොකරයි නම් පර්ලිමේන්තුව තුල කළහාකාරි ලෙස හැසිරෙනවා නම් එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවද කථානායක කරූ ජයසුරිය මහතා පැවසුවා.

එ් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමිනි.

කථානායක කරූ ජයසූරිය මහතා වැඩ්දුරටත් පැවසුවේ පාර්ලිමේන්තුව තුළ තමාගේ ක්‍රියාකලාපයේ අඩුපාඩු ඇතැයි චෝදනා කරන ඕනෑම පාර්ශ්වයකට තමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ හැකි බවයි.

රටවල් 190කගෙන් අදර්ශමත්ව සිටි පාර්ලිමේන්තුවක් අප රටට තිබු බවත් එම තත්ත්වය නැති වෙමින් යන බවත් පෙනෙන විට තමන්ට කථානායකයා ලෙස වේදනාවක් ඇති වු බවත් ඒ මහතා පැවසුවා.

Read more

Local News