වෑන් රථයක් අනතුරට ලක්වී 9 කට තුවාලයි

Share

මහනුවර සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාවතගම – කර්මාන්තපුර මංසන්ධියේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (27) රාත්‍රී 10.40ට පමණ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වාරියපොල – බණ්ඩාර – කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

වෑන් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මාවතගම පොලීසිය සඳහන් කළේය.

Read more

Local News