මහින්දට අනුරගෙන් අභියෝගයක්

Share

අගමැතිවරයාගේ සහ අගමැතිකාර්යය මණ්ඩලයේ වියදම් අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට කටයුතු කරන බවද හැකි නම් එය දිනා පෙන්වන ලෙස ,අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) තංගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ඒ මහතා එහිදි වැඩ්දුරටත් අදහස් දක්වමින් පැවසුවේ “අපි ඕපපාතික මිනිස්සු නෙවෙයි. මේ රටේ මාතෘ භූමියට අසීමිත ලෙස ආදරය කරන දේශපාලන ව්‍යාපාරය, මේ මාතෘ භූමියට ආදරය කරන දේශපාලන ව්‍යාපාරය මේ රටත් රටේ ජනතාවත් ඉදිරියට ගෙන යායුතුයි කියන දේශපාලන ව්‍යාපාරයයි අපේ දේශපාලන ව්‍යාපාරය. මේ මාතෘ භූමියට රටේ ජනතාවට අනතුරක් සිදුවෙන්නෙ කොතනද ඒ ඕනෑම තැනක එය පරාජයට පත්කිරීමටත්, එයට එරෙහිව සටන් වදින දේශපාලන ව්‍යාපාරයක්.

දැන් සටනේ විශාල ප්‍රමාණයක් පරාජයට පත්වෙලා තියෙන්නේ. හෙට අන්තිම ඇණය ගහනව පාර්ලිමේන්තුවේදී. ඒ අගමැතිවරයා හා කාර්යය මණ්ඩලයේ මුදල් වියදම් කරන්න බැරි නීතිය සම්මත කරන එක. පාර්ලිමේන්තුවටයි මුදල් බලය තිබෙන්නේ.

දැන් හෙට පාර්ලිමේන්තුවට යෝජනාව ගෙනත් තියෙනවා. රටේ අගමැතිවරයෙක් නැහැ. අගමැතිවරයෙක් නැත්නම් අගමැතිවරයාට රටේ භාණ්ඩාගාරයේ සල්ලි වියදම් කරන්න අයිතියක් නැහැ. අගමැති කාර්යය මණ්ඩලවලට වියදම්කරන්න අයිතියක් නැහැ. අගමැතිවරයෙක් නැති නිසා අගමැතිවරයාගෙන් සහ අගමැතිකාර්යය මණ්ඩලයේ වියදම් අත්හිටුවීමේ යෝජනාවක් හෙට ගෙනත් තියෙනව පාර්ලිමේන්තුවට.

මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටනේ. අන්න ඒ යෝජනාව හෙට ගන්නවා. ඕන නම් මහින්ද රාජපක්ෂ මහත්තයට විවෘත අභියෝගයක් තිබෙනවා. අපි විශ්වාසභංගයක් දිනුව කියල හිතන්නම් හෙට ඇවිල්ල දිනන්න. එන්නෙ නෑ. එක දවසක්වත් ඡන්දෙකට මුහුණ දෙන්නෙ නෑ.

මහින්ද රාජපක්ෂ මහත්තයගේ කුමන්ත්‍රණයට එරෙහිව පාර්ලිමේන්තුවේ එකසිය විසිදෙකක් තියෙනවා. වසන්ත එයිද නැද්ද දන්නෙ නෑ. එහෙම වුනොත් එකසිය විසිතුනයි. කතානායකතුමත් ඉන්නවා. දෙසිය විසිපහෙන් ඉතිරි එකසිය දෙකයි.

දැන් හිතනවද මේ එකසිය දෙකම මහින්ද මහත්තය ළග ඉන්නව කියලා. අපි අභියෝග කරනව මහින්ද මහත්තයට. පුළුවන් නම් තමන්ගේ අගමැතිකමට පක්ෂව එකසිය විසිපහ නෙවෙයි, එකසිය දහතුන නෙවෙයි, එකසිය දෙකක අත්සන් පෙන්වන්න. හෙට ඡන්දෙට ඇවිල්ල ඡන්ද එකසිය දෙකක් තියෙනව කියල පෙන්වන්න. එහෙම පෙන්වන්න බැහැ.

ඔතන විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට එන්නෙ නැහැ. දැනටමත් ආවෙ නැහැ ගොඩක් අය. දුමින්ද දිසානායක, ප්‍රේමලාල් ජයසේකර දින කිහිපයේම ආවෙ නැහැ. තව ගොඩක් අය ලෑස්ති වෙලා ඉන්නේ නියමිත පරිදි ඡන්දයක් දෙන්න වුනොත් ඒ අය එන්නෙ නැහැ. ඒ නිසා කුමන්ත්‍රණය පරාද අවසන්“ බව මන්ත්‍රීවරයා පැවසීය.

Read more

Local News