ලැප්ටොප්,ජංගම දුරකතන සොරාගත් 4ක් අත්අඩංගුවට

Share

කොළඹ 05, ආර්.එල් ද මැල් මාවතේ ව්‍යාපාරික ආයතනයකින් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ඇතුළු භාණ්ඩ තොඟයක් සොරකම් කළ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් රාජගිරිය, කඩවත සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

එම භාණ්ඩ තොඟයේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ බවයි පොලිසිය පැවසුවේ.

පොලීසිය පැවසුවේ ඉන් ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර 10ක් සහ ජංගම දුරකතන 12ක් සොයාගත් බවත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05කට වැඩි ප්‍රමාණයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

Read more

Local News