PMB සහල් වෙ‍ළෙඳපොළට

Share

පළමු වතාවට වී අලෙවි මණ්ඩලය සහල් වෙ‍ළෙඳපොළට සිය මුල් සහල් නිෂ්පාදන තොගය නිකුත් කිරීම ඊයේ (29) දින සිදු කරනු ලැබිය.

‘පී.එම්.බී.රයිස්’ වෙළෙඳනාමය යටතේ එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ දින ජනාධිපති කාර්යාලයේදි පිළිගන්වනු ලැබිණි.

ඉහළ ‍ප්‍රමිතියෙන් යුත් සහල් රට පුරා පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

වෙළෙඳපොළේ සහල් මිල පාලනය ද මෙහි තවත් අරමුණක් බව වාර්තා වෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ සුබසාධක සංගම් මඟින් ජනතාවට මෙම පී.එම්.බී. සහල් නිෂ්පාදන ඉදිරියේදී ලබා ගත හැකි බවත්, රටේ සහල් අවශ්‍යතාව අනුව සාධාරණ මිලකට සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට අපේක්ෂිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read more

Local News