ගාමිණීගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

Share

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද(30) යළි විභාගයට ගත්තේය.

මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

අද දින ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක වශයෙන් කටයුතු කළ මුදිත තමානගම මහතාගෙන් සාක්ෂි සටන් කර ගැනීම සිදු කෙරුණි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු  පසුගිය ජුලි මාසය සඳහා  පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමෙන් ගෙවන ලද රුපියල් අනු 95000/- ක  මුදලට අදාළ වවුචර් පත්‍රය විවෘත අධිකරණයේ හඳුනාගත්තේය.

විත්තියේ හරස් ප්‍රශ්න වලට තවදුරටත් පිළිතුරු දුන් සාක්ෂිකරු මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන ගාමිණී සෙනරත් මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති වරයා ලෙස කටයුතු කළ අවධියේ වැටුප් දීමනා කිසිවක් ලබා නොගත් බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 07 වන දා තෙක් කල්තැබුණි.

Read more

Local News