පැණි බීම සීනිවල බදු අඩුකරයි

Share

කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ඒසේම පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් ලබාදී තිබේ.

අග්‍රාමාත්‍යවරයා හා පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් අතර පැවැති හමුවකන් අනතුරුව මෙම උපදෙස් අදාළ අංශ වෙත ලබාදී තිබේ.

මේ හරහා වෙළඳ පොළේ පැණි බීම දැනට අලෙවි වන මිලට වඩා 30%කින් මිල අඩු කිරීමට හැකි වන බව නිෂ්පාදන ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ.

Read more

Local News