ජනපතිට ජනවරම අමතකවූ බව පෙරටුගාමී පක්ෂය කියයි

Share

ජනපතිට ජනවරම අමතකවීම අරුමයක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

මහතා මේ බව පැවසුවේ ඊයේ (02) මහරගම පැවති සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනවන – ජන බලයට මග කියන, ජන රැලියට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ,“රනිල්ද මහින්ද කියලා දෙකට බෙදා ඇති සමාජය, අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහරගම රැස්වීම තියලා තුනට බෙදනවා. අපි අහනවා රනිල්ද? මහින්දද?  එහෙම නැත්නම්? කියලා. ඒ ප්‍රශ්නය අහන්න ඕන.

රාජ්‍ය සේවකයාට අමතක නම් විශ්‍රාම වැටුප පිළිබඳ ප්‍රශ්නය, වැඩකරන ජනතාවට අමතක නම් තමන්ට ජීවත් වෙන්න වැටුපක් නෑ කියලා, අප ලෑස්තියි ඒ ප්‍රශ්න මතක් කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය දිනන්න නම්, ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න, වෙහෙස වෙන්න අපි ලෑස්තියි.

අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන අඩන, යුක්තිය ඉල්ලන රනිල් මෙච්චර කාලයක් ආණ්ඩුවේ ඉදන් මොකද කළේ? අවුරුදු තුන හමාරක් එයා ප්‍රජාතන්ත්‍රවාදය උඩ මළ පහ කළා. එයා දැන් පාත්තරේ අරගෙන රට පුරා කැරකෙනවා. මහින්ද පාත්තරේ අරගෙන 113 හදා ගන්න සිරිකොත වටේ කැරකෙනවා.

මහින්ද රාජපක්ෂයි මෛත්‍රීයි. රනිලුයි ගෝලයොයි දැන් මොකද කරන්නෙ? එයාලා හොඳට ෆුට් බෝල් ගහනවා. එහෙට ගහනවා. මෙහෙට ගහනවා. සමහරු ගෝල් ගහනවා. ඒ දිහා බලාගෙන ඉඳලා සමහරු හිනා වෙනවා.

සමහරු අනේ අපොයි අපේ රටට ගිය කලක් කියනවා. මේ ෆුට් බෝල් ගහන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක. උපදින්න ඉන්න පරම්පරාවන්ගේ අනාගතයත් එක්ක. මෙතන අපට තියෙන්නේ හිනා වෙන්නවත් අඬන්නවත් නොවෙයි. මේ සෙල්ලමට විරුද්ධව ජන බලයක් ගොඩනැගීමේ අභියෝගය තියෙනවා.

2015දි, මගේ තටු මංම කපා ගන්නවා කියලා ආපු සිරිසේන දැන් මේ රටේ ජනතාවට කොකා පෙන්වනවා. මාලිගාව ඇතුළේ මේ සෙල්ලම කරන්නේ. මාලිගාව අතුළේ සෙල්ලම් කරන්නේ මෙහෙම නම් මේ රටේ ජනතාව පාරට බැස්සම කොහොමද සෙල්ලම් කරන්නේ කියලා අපි දැන ගන්න ඕන. මේගොල්ලන්ට අැත්තටම ප්‍රජාතන්ත්‍රවාදය අදාළ නෑ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවදී අයිතිවාසිකම් අදාළම නෑ.

මෛත්‍රීපාලට ජනවරම අමතකවීම අරුම දෙයක්ද? අද සිවිල් සමාජය කියනවා, මෛත්‍රී තමන්ගේ මූණට කෙළ ගැහුවා කියලා. 94 වික්ටර් අයිවන්ලාට චන්ද්‍රිකා කළේත් ඕක. සිවිල් සමාජය ඒ වැඩෙ කර ගන්න කවුරු හරි කෙනෙක් සැරෙන් සැරේ හොයා ගන්නවා.

දැන් මාලිගා කුමන්ත්‍රණය වෙලා දවස් 35ක් ගෙවිලා තියෙනවා. මේ දවස් 35 තුල රාජපක්ෂලාගේ පාලනය නැවත අපට මතක් කළා. මෛත්‍රීගේ හෙවන ඇතුළේ ඒ ගොල්ලේ හැසිරෙන්නේ මොහොම නම්, ඒ ගොල්ලො උත්තරීතරයි කියන ආයතනය ඇතුළේ ඩෙගා නටන්නේ මෙහෙම නම් ජනතාව ඉදිරියේ හැසිරෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ දවස් 35 හොඳයි රාජපක්ෂලාගේ අවුරදු දහයක පාලනය නැවත මතක් කර ගන්න.

සිංගප්පූරු ගිවිසුමට විරුද්ධව උසාවි ගිය බන්දුල ගුණවර්ධන ඇමතිකම හම්බ වුණාම කියනවා, මේ ගිවිසුම අහෝසි කරන්න තරම් අපි හරක් නොවෙයි කියලා. ඇත්ත තමයි මේ නාම්බන්ට ඡන්දෙ දෙන ජනතාව තමයි හරක් ගානට වැටෙන්නේ.

බලයට එන්න කලින් සිංගප්පූරු ගැන කතා කළා බලය ගත්තට පස්සේ ඒවා අදාල නෑ. ඔය ආවේ එකයි. ඩොලරය ගැන දවස ගානේ අඬපු කට්ටිය දැන් කියනවා ඒවා එහෙම නවත්වන්න බෑ කියලා. ඊළඟට වික්‍රමසිංහගේ අවුරදු තුන හමාර. ඒ ගොල්ලෝ කැමතියි මේ පාරෙම යන්න. 2015 හවුල ආපහු හදාගෙන ඉන්නේ. දැන් කියනවා ජනාධිපතිවරණයකටත් ලෑස්තියි කියලා.

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ සබ් කොන්ත්‍රාත් කරනවා. බාගයක් කරලා බාර දෙනවා. සම්බන්ධන්ට හදිසියේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න මතක් වෙලා. අවුරුදු තුන හමාරෙම දෙමළ ජනතාවගේ ප්‍රශ්න මතක් වුණේ නැති සම්බන්ධන්ලාට මතක් ඒවා මතක් වෙලා. කවදාවත් මේ සෙල්ලමට තානාපතිලා සෙල්ලම් කරන්නේ නෑනේ.  දැන් මේ ගේම් එකට සෙල්ලම් කරනවා.

රනිල්ලා තෝරගෙන ඉන්න එක්සත් ජනපද, යුරෝපා ඉන්දියා හවුල උත්සාහ කරනවා ඒ ගොල්ලන්ගේ කොඩිය මේ රටේ හයියට ගහන්න. මූල්‍ය අරමුදල ණය දෙනවා ජනතාවගේ ඉතුරු අයිතීන් කොල්ල කන්න.

අනෙක් පැත්තේ ඉන්නවා චීනය. චීනය අද අනුගමනය කරන්නේ සමාජවාදී මාවතේ නොවෙයි. රටවල් 67ක් මේ උගුලට දාලා තියෙනවා. පැරණි සේද මාවත ඉදි කරමින් ඉන්නවා. ඒකට රටවල් ගණනාවක් සම්බන්ධ කරමින් ඉන්නවා. ඒ හැම රටක්ම මේ අර්බුදයට ඇදලා දාලා තියෙනවා. අප්‍රිකාවේ තියෙන ජිබූටි රටේ චීනය තමන්ගේ යුධ කඳවුර හැදුවා.

ඒ රටේ ඇමරිකානු කඳවුරුත් තියෙනවා, ප්‍රංශ යුද කඳවුරුත් තියෙනවා. අපට උරුම කරමින් ඉන්නේ ඒ ඉරණම නොවෙයිද? මේ පුංචි දිවයින මේ දෙගොල්ලො අරගෙන යමින් ඉන්නේ ඉතාම අවදානම් තැනකට. ඒක ගැන අවධානය යොමු කරන්න ඕන.

මේ අර්බුදයට උත්තරය මොකක්ද? මේ හිරවෙලා ඉන්න උගුලෙන් එලියට එන්නේ කොහොමද? වික්‍රමසිංහලා උත්තරයක්ද? රාජපක්ෂලා උත්තරයක්ද? අයි අපි අමතක කරන්නේ? විශ්‍රාම වැටුප අහිමි කරන පනත මුලින් ගෙනාවේ රාජපක්ෂලා 2006.

අර්ථසාධක අරමුදල, භාරකාර අරමුදල කොල්ල කන්න කවුද එදා දත කෑවේ? රාජපක්ෂලා. කවුද රොෂේන් චානකට වෙඩි තිබ්බෙ? රාජපක්ෂලා. භූමිතෙල් සහනාධාර ඉල්ලපු ධීවරයන්ට වෙඩි තියලා ඇන්ටනීලා මැරුවේ අද තෙල් මිල අඩු කරන්න කතා කරන රාජපක්ෂලා. මූල්‍ය අරමුදල කියපු ප්‍රතිපත්තියම එක්සත් ජනපදයට බැන බැන ක්‍රියාත්මක කළේ.

ඒ ගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තියවත් දේශපාලනයවත් උත්තරයක් නොවෙයි. රාජපක්ෂලා ජාතිවාදයේ ගිනි ඇවිලුවා. සිංහල ජාතිවාදය අවුස්සලා ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියලා හිතුවා. “යැයි පැවසීය.

Read more

Local News