ඔස්ට්‍රේලියානු හමුදාවට එක්වු මෙරට පළමු කත

Share

ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා එරට හමුදා සේවයට එක්වු පළමු ලාංකික තරුණිය ලෙස 27 හැවිරිදි තරුණියක් එක්ව තිබේ. අැය මෙරටින් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ ගිය තරුණියකි.

මෙලෙස ඔස්ට්‍රේලියානු හමුදා සේවයට එක්ව ඇත්තේ වෙන්නප්පුව වයික්කාල තඹරවිල පදිංචි චක‍්‍රවර්තිගේ ජුඩිත් රොනාෂා ප‍්‍රනාන්දු නැමති තරුණියකි.

එහිදි අදහස් දැක්වු රෝෂානා,

“මම ලොකු ආශාවකින් හිටියේ අපේ රටේ හමුදා සේවයට එක්වීමට ඒත් මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒක මට ටිකක් මග හැරුණා. ඉතා ඉහළ රැකියාවක නිරතවීමට ඔස්ට්‍රේලියාවේදි හැකියාව තිබියදි මෙලෙස හමුදා සේවය තෝර ගත්තේ ඒ තුළින් මිනිස්සුන්ට විශාල සේවයක් කල හැකි බවට මගේ විස්වාසයක් තිබෙන නිසා” බව ඇය පැවසීය.

Read more

Local News