මේ වසරේ බිලියන 5කට අධික කුඩු අල්ලලා

Share

මේ වසරේ ගතවූ කාලය තුළ සිදු කළ වැටලීම්වලදී පොලිස් භාරයට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 05කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 430ක තොඟයක් පොලිස් බාරයට ගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් මිලියන 5,166ක් පමණ වන බවයි.

එම හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 37,304 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News