පේතායි නිසා වැසි රහිත කාලගුණයක්

Share

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “පේතායි ” සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමෙන් දිවයින පුරා වැසි රහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපෑම අද දිනයේ සිට ක්‍ර‍මයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැක.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල නිරත වීමේදී විමසිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු සහ ඊසාන ගැඹුරු මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News