මෛත්‍රී, රනිල්, මහින්ද නව වසරට සුබ පතයි

Share

මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට 2019 නව වසර උදා වී තිබේ.

පළමුවෙන්ම සැමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන් නව වසර සැමරූ අතර අනතුරුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් ද නව වසර සමරනු ලැබීය.

එහෙත් අමෙරිකාව ඇතුලු තවත් රටවල් රැසකට නව වසර උදාවීමට තවත් හෝරා කිහිපයක් ගත වනු ඇති.

නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූ අතර එහිදී දැවැන්ත ගිනිකෙළි සංදර්ශනවලට මුලික තැනක් හිමි වී තිබුණි.

මෙරට ජනතාව ද නව වසර සැමරීම වෙනුවෙන් ඊයේ (31) රාත්‍රී පුරා විවිධ උත්සව පවත්වනු ලැබීය.

මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථාමගින් නිවැරදි මාර්ග වෙත අප යොමුකරවන ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව නව අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

නව අපේක්ෂාවන් යථාර්තවත් කරගැනීමට නව වසරේ අපට හැකි වනුයේ ගෙවී ගිය වසරේ අප උගත් පාඩම් යළි විමසා බැලීමෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

2019 නව වසර එළඹෙන්නේ දේශයටත් ජනතාවටත් නව අරමුණු, අධිෂ්ඨානයෙන් පෙළ ගැසෙන නව යුගයක උදාව සමගින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගෙවුණු වසරේ මුහුණදෙන්න සිදුවූ බරපතළ අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයග්‍රහණයක් බව නව අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින්අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

2019 නව වසර එළඹෙන්නේ දේශයටත්, ජනතාවටත් නව අරමුණු අධිෂ්ඨානයන් පෙළගැසෙන නව යුගයක උදාව සමගින් බව රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවිඩය මගින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද 2019 නව වසර සදහා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ජාති ආගම් කුලභේදයෙන් තොරව රටේ ජනතාවට සාමයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැගෙනු දැකීම තම අපේක්ෂාව බවයි.

පසුගිය වසරේ සිදුවූ අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරියට යාමට නව වසර තුළ ජනතාව අධිෂ්ඨාන කරගත යුතු බවයි අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්රීි ඥානරතන හිමි සඳහන් කළේය.

මේ අතර මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ 2019 නව වසර එකමුතුව සැමරීමට සියලු ශ්‍රී ලාංකික ජනතාව කටයුතු කළ යුතු බවයි‍ෙ

Read more

Local News