කුඩු එක්ක අත්අඩංගුවට ගත් බංගලියන්ට සතියක රැදවුම් නියෝගයක්

Share

ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේදී මෙතෙක් මෙරටින් සොයා ගැණුනු විශාලම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනා දින 07ක රැදවුම් නියෝග මත ප්‍රශ්න කිරිමට අධිකරණය අවසරදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, සැකකරුවන් ඊයේ(01) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගත් බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී පසුගිය 31 වනදා මෙම සැකකරුවන් දෙදෙනා සහ කිලෝග්‍රෑම් 278ක් වන අදාල මත්ද්‍රව්‍ය තොඟය සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Read more

Local News