ජනපතිගේ පදවිප්‍රාප්තියට සංවර්ධන ව්‍යාපෘති 100ක්

Share

මෙම මස 08 වැනිදා සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තිය නිමිතිකරගෙන සංවර්ධන ව්‍යාපෘති සියයක් ජනතා අයිතියට පත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කර තිබේ.

මෙහිදී 08 වැනිදා මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි  වූ ජනතාව වෙනුවෙන් නවීන පහසුකම් සහිතව ඉදිකළ නව ලග්ගල නගරය ජනතා අයිතියට පැවරීම සිදුවන බවද එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

මහලේකමිවරයා වැඩ්දුරටත් පැවසුවේ වැඩ නිමකර තිබෙන සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරීම ඉදිරි දිනවල සිදුවන බවත්, ජනපති පදවිප්‍රාප්තිය ඉලක්ක කරගෙන සංවර්ධන ව්‍යාපෘති සියයකට අධික ප්‍රමාණයක් ජනතා අයිතියටපත් කරන බවයි.

නව වසරේ පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවත්, මේ වසර තුළදී මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත නිසා ඒ සඳහාද සූදානම් වන බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News