අයවැය ගැන කතාව මාර්තු 05 වැනිදා

Share

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 5 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අයවැය කථාව මාර්තු මස 5 දින කිරීමටත් පක්ෂ නායකයන් එකඟ වී තිබේ.

අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

සාම්ප්‍රදායිකව නොවැම්බර් මාසයේ සිදුකරන අයවැය කතාව මෙවර සිදුකිරිමට නොහැකි විය.

ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස  පත්කිරීමෙන් පසුව ඇතිවූ දේශපාලන අර්බුදය හේතුවෙන් බව වාර්තාවෙයි.

මේ හේතුවෙන් මේ වසරේ මුල් කාර්තුවේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.

Read more

Local News