ජනපති පදවි ප්‍රාප්තියට අදට වසර 4ක්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අදට(08) වසර 4ක් සපිරෙයි.

ඒ නිමිත්තෙන් ඊයේ(07) සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වු අතර ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

මේ අතර කළුඟග ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය සහ මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීම අද සිදුකිරීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වෙයි.

මෛත්‍රී පාලනයක්, තිරසර යුගයක්, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පුර්ණ නව ලග්ගල නගරය දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්යය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද කළුගග මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයකි.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරු ව නව ලග්ගල නගරය ඉදිකර තිබේ.

අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

Read more

Local News