නිවාස අර්බුදයට විරෝධතා මැද ස්පාඤ්ඤයේ 2030 දක්වා බලහත්කාරී ඉවත් කිරීම් තහනම් කරයි

Share

ස්පාඤ්ඤ රජය, Madrid හි 87 හැවිරිදි කාන්තාවක් සිය නිවසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා මධ්‍යයේ නව නිවාස ක්‍රියාමාර්ග අනුමත කර තිබේ.
නව යෝජනා යටතේ 2030 දක්වා නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම් තහනම් කිරීමටත්, කුලී ගිවිසුම් 2028 දක්වා දීර්ඝ කිරීමටත් යෝජනා කර ඇත. කෙටි කාලීන සහ කාමර කුලියට දීම සඳහා දැඩි නීති හඳුන්වාදීමටත්, ආයෝජන සමාගම් විසින් නිවාස මිලදී ගැනීම තහනම් කිරීමටත් පියවර ගැනීමට නියමිතය.
මෙම ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක වන නමුත් මාසයක් ඇතුළත ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. Madrid, Barcelona, Seville, Malaga සහ Cadiz ඇතුළු නගරවල නිවාස අර්බුදයට එරෙහිව විරෝධතා පවත්වා තිබේ.

Read more

Local News